ඉන්දියාවේ නව දිල්ලි නගරයේදී පැවැති ලෝක පැරා මලල ක්‍රීඩා ශූරතාවලියේදී, ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩකයන් දෙදෙනෙකු ලෝකඩ පදක්කම් දිනා ගැනීමට සමත්ව ඇත.
ඒ අනුව, ප්‍රදීප් සෝමසිරි T47 කාණ්ඩයේ මීටර් 1,500 ඉසව්වෙන් තත්පර 3.53.7 ක කාලයක් වාර්තා කරමින් ලෝකඩ පදක්කමක් දිනාගෙන ඇති අතර, එම කාලය සමඟ ඔහු ආසියානු වාර්තාවක්ද පිහිටුවීමට සමත් වී ඇත.
කණ්ඩායම් නායක නුවන් ඉන්දික ගමගේ ද T44 කාණ්ඩයේ දුර පැනීමේ ඉසව්වෙන් මීටර් 6.46 ක දුරක් වාර්තා කරමින් ලෝකඩ පදක්කමක් දිනාගෙන ඇත.
රටවල් 100කට වැඩි ප්‍රමාණයක් නියෝජනය කළ අතර, ලෝක ශ්‍රේණිගත කිරීමේ ඉදිරියෙන්ම සිටින ක්‍රීඩකයින් 1000කට වැඩි සංඛ්‍යාවක් සහභාගී වූ මෙම තරගාවලියට, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයින් 5 දෙනෙකු ඉසව් 9ක් සඳහා සහභාගී වී තිබුණි.
