22 views 0 secs 0 comments

ගල්කිස්ස නීතීඥ පහරදීමේ සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරියාට ඇප…

In Local News
October 13, 2025

ගල්කිස්ස අධිකරණ පරිශ්‍රය තුළදී නීතීඥවරයෙකුට පහරදුන් බවට චෝදනා එල්ලවූ පොලිස් නිලධාරියෙකු රුපියල් ලක්ෂ 2ක ශරීර ඇප මත අද (13) මුදා හැරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා නියෝග කර ඇත.

අදාළ නඩු විභාගය අද (13) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කෙරුණි.

පොලීසිය අධිකරණය හමුවේ පැවසූයේ, සිද්ධියට අදාළ අවස්ථාවේදී නීතීඥ ගුණරත්න වන්නිනායක මහතා අසභ්‍ය වචන භාවිතා කරමින් කොස්තාපල්වරයාට බැණවැදීමක් සිදු කර ඇති බවත් ඒ පිළිබඳ බී වාර්තාවක්ද ඉදිරිපත් කර ඇති බවත්ය.

තවද, මේ වන තුරු නීතීඥ ගුණරත්න වන්නිනායක මහතා අධිකරණයට හෝ පොලීසියට ප්‍රකාශයක් ලබා නොදී ඇති බව ද පොලීසිය අධිකරණයට දැනුම් දී ඇත.