
ඊයේ (10) රාත්‍රී 10.30ට පමණ ආරවුලක් දුරදිග යෑම හේතුවෙන් ඥාතියෙකු විසින් සිදුකළ වෙඩි තැබීමෙන් ඕමන්ත පොලිස් වසමේ අරසමුරිප්පු ප්‍රදේශයේ පුද්ගලයෙකු තුවාල ලබා තිබේ. තුවාල ලැබු පුද්ගලයා වව්නියාව රෝහලට ඇතුළත් කර තිබේ.
වෙඩි තැබීම සිදුකළ 46 හැවිරිදි පුද්ගලයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අද (11) වව්නියාව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය අතර ඕමන්ත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.