
මුල්ලේරියාව පොලීසියට ලද තොරතුරක් මත මුල්ලේරියාවේ පිහිටි කුලී පදනම මත වාහන ලබාගෙන ව්‍යාජ ලියකියවිලි සකස් කර අලෙවි කිරීම සිදුකළ ස්ථානයක් පොලීසිය විසින් වටලා වාහන 17ක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ, යක්කල සහ මීරිගම ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.
මෙම පුද්ගලයින් විසින් ව්‍යාජ හැඳුනුම්පත්, රියදුරු බලපත්‍ර සහ විදුලි බිල්පත් වාහන කුලියට දෙන ආයතන වෙත ඉදිරිපත් කර වාහන කුලියට ගෙන ඒවායේ එන්ජින් අංක වෙනස් කර හෝ කැබලි කර විකුණන බව පොලීසිය විසින් ආනාවරණය කර ගෙන තිබේ. එම සැකකරුවන් දෙදෙනාට ව්‍යාජ ලිපි ලේඛන සකස් කර දී ඇති තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. වැඩිදුර විමර්ශන මුල්ලේරියාව පොලීසිය සිදුකරයි.