
පසුගිය ජනවාරි 5 වැනිදා කොවිඩ් – 19 ආසාදිත බවට තහවුරු වී ඇති ජල සම්පාදන සහ ජලාපවහන රාජ්‍ය ඇමැති වාසුදේව නානායක්කාර සිය අමාත්‍යංශ පරිශ්‍රයේදී තවත් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් සිය උපන් දිනය වෙනුවෙන් සාදයක් පවත්වා තිබෙනවා. එම උත්සවයට රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත සහ අමාත්‍යාංශ ලේකම් ප්‍රියත් බන්දු වික්‍රම ඇතුළු නිලධාරීන් සහ අමාත්‍යංශයේ සේවක පිරිසෙන් බහුතරයක් සහභාගි වී ඇත.
ඇමැතිවරයාගේ ෆේස්බුක් ගිණුමේ පළකර ඇති ඡායාරූපවලට අනුව කේක් කපා රාජ්‍ය ඇමැති සනත් නිශාන්තට සහ එහි සිටි පිරිසට ඇමැතිවරයා විසින් කේක් කවන ආකාරයද දැක්වේ.