622 views 0 secs 0 comments

ශ්‍රී ලංකා ක්‍රිකට් බටහිර ඉන්දීය කොදෙව් සංචාරය කල් යන ලකුණු…

In Local News, Sports
February 04, 2021

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් සහ ආරම්භක පිතිකරු ලහිරු තිරිමාන්න හට නව කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමග ශ්‍රී ලංකා පිලේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය කල් දැමීමට ඉඩ තිබෙන බවට වාර්තා වේ.
පසුගිය පෙබරවාරි මස 02 වෙනිදා සිදුකළ ඵ්Cර්‍ පරීක්ෂණ යේදී ඔවුන් දෙදෙනා හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබුණ අතර ඔවුන් අද දිනයේදී ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පියවර ගෙන ඇත. ඔවුන්ගේ සමීප ආශ්‍රීතයින් කවුරුන්ද යන්න සම්බන්ධයෙන් කරුණු සොයා බලමින් සිටින බවයි වාර්තා වේ.
මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සධිර සමරවික්‍රම ගේ විවාහ මංගලෝත්සවය පසුගියදා පැවති අතර ඊට කොවිඩ් වෛරසය ආසාදනය වූ ලහිරු තිරිමාන්න සහභාගිවී තිබෙනවා. මේ හේතුවෙන් එම විවාහ මංගල්‍ය සඳහා සහභාගිවූ සියලුම ක්‍රිකට් ක්‍රීඩකයින් හට නිරෝධායනය වන ලෙස දැනුම් දී ඇති බවයි වාර්තා වේ.
මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් ගේ විවාහ මංගල්‍ය ලබන සතියේදී පැවැත්වීමට නියමිතව තිබුණා. මේ වන විට කුසල් මෙන්ඩිස් ද ස්වයං නිරෝධායනය වෙමින් සිටින නිසා විවාහ මංගල්‍ය කල් යනු ඇති බවයි වාර්තා වේ.