අද (09) කොවිඩ් මරණ 5ක් වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ ගණන 370ක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
එමෙන්ම අද දිනය තුළ කොවිඩ්-19 ආසාදිතයින් 571ක් හඳුනාගත් අතර සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් ගණන 70,806ක් දක්වා ඉහළ ගොස් ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
අද දිනයේ කොවිඩ් ආසාදිතයින් 912ක් සුවය ලබා පිටව යෑමත් සමග මෙරට සමස්ත සුවය ලැබු ආසාදිතයින් ගණන 65,053ක් විය.
