194 views 0 secs 0 comments

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය යළි විවෘත කිරීමට තීරණයක්..

In Local News
May 04, 2021

දැඩි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද යටතේ ව්‍යාපාරික කටයුතු සඳහා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය හෙට (05) උදෑසන 05.00 සිට යළි විවෘත කිරීමට නියමිත බව එහි පාලනාධිකාරිය සඳහන් කරයි.

කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය හමුවේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වසා දැමීමට සෞඛ්‍ය බලධාරීන් පසුගියදා පියවර ගෙන තිබුණි. ඒ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුළ සිදුකළ පී.සී.ආර් පරීක්ෂණවලදී ආසාදිතයින් කිහිපදෙනෙකු ද හඳුනාගැනීමත් සමඟයි..