197 views 0 secs 0 comments

ගෑස් මිල ඉහළ යාමක් සිදු නොවේ..

In Local News
June 21, 2021

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දමන ලෙස ගෑස් සමාගම් විසින් සිදුකර ඇති ඉල්ලීම් පිළිබඳව තීරණයක් ගැනීම සඳහා අමාත්‍ය අනුකමිටුව අද (21) පෙරවරුවේ රැස්ව තිබුණි.

ඒ අනුව එම අවස්ථාවේ ගෑස් මිල ඉහළ දැමීමක් සිදුනොකළ යුතු බවට අනු කමිටුව තීරණය කල බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් සමාගම් විසින් මිල ඉහළ දැමීමක් සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරියට අවස්ථා කිහිපයකදී ඉල්ලීම් සිදුකර තිබුණි.

කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 670කින් ඉහළ දැමිය යුතු බවට එක් සමාගමක් ඉල්ලීම් සිදුකර තිබූ අතර අනෙක් සමාගම විසින් රුපියල් 575ක මිල වැඩිවීමක් ඉල්ලා තිබූ බව සඳහන්ය.