333 views 0 secs 0 comments

ගතවූ පැය 24 තුළ රිය අනතුරු මරණ 11ක්..

In Local News
June 22, 2021

ගතවූ පැය 24 තුළ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 11දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. එයින් මරණ 8ක් ම ඊයේ (21) දින සිදුවු රිය අනතුරුවලින් සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේය.

දිනකට මරණ 11ක් වාර්තාවීම සාමාන්‍ය තත්ත්වය ඉක්මවා යෑමක් ලෙස ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

සිදුව ඇති මරණවලින් පදිකයින් දෙදෙනෙක්, යතුරුපැදිවල ගමන් කළ 6ක්, පාපැදිවල ගමන් කළ 2ක් සහ ලොරි රථයක ගමන් කළ එක් අයෙක් සිටින බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.