
විදුලි බල මණ්ඩලයේ ස්ථිර සේවකයන් 5000ක් ඉවත් කර ඇති බව විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා.
විදුලි බල මණ්ඩලයේ වියදම් කළමණාකරණය කිරීම සදහා මෙම තීරණය ගෙන ඇති අතර ඉදිරියේදී අත්‍යාවශ්‍ය පිරිස පමණක් සේවයේ යෙදවීමට පියවර ගන්නා බවයි අමාත්‍ය කංචන විජේසේකර මහතා වැඩි දුරටත් සදහන් කර සිටියේ.
එමෙන්ම එළඹෙන වසරේදී විදුලි බල මණඩලයේ හා ඛණිජ තෙල් සංස්ථාවේ සේවකයන්ට ලබා දීමට ගිවිසුම් ගත කර තිබූ 25% වැටුප් වර්ධකය හා දීමනා ද අහෝසි කල බව අමාත්‍යවරයා සදහන් කර සිටියා.