
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ රටින් පිටවීම සඳහා කටුනායක ගුවන් තොටුපල වෙත ඊයේ රාත්‍රීයේ පැමිණ තිබේ. ඒ අවස්ථාවේ දී සේද මාවතේ පිටත්වීමේ පර්යන්තයේ සිටි විගමන හා ආගමන විගමන නිලධාරීන් රාජකාරිවලින් ඉවත් වී ඇත.
පසුව බැසිල් රාජපක්ෂ ආපසු හැරී ඇති බව වාර්තා වෙනවා.
ඒ අනුව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට දිවයිනෙන් පිටත්වීමට නොහැකිවී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.