170 views 0 secs 0 comments

ඉතිරි ෆයිසර් එන්නත් මන්නාරම් ධීවරයින්ට…..

In Local News
July 09, 2021

ෆයිසර් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා 26,000 න් මේ වන විට ඉතිරිව ඇති එන්නත් මන්නාරම ප්‍රදේශයේ ධීවරයින් සඳහා ලබාදීමට නියමිත බව පෞද්ගලික රූපවාහිනී නාලිකාවක උදෑසන වැඩසටහනට සජීවීව එක්වූ යුද හමුදාපතිරයා පවසනවා.

එසේම විදෙස් රටවල උසස් අධ්‍යාපනය හදාරමින් සිටින කොවිඩ් කාර්ය සාධක බළකායේ ලියාපදිංචි වු සිසුන් 1,130ක් සඳහා ඊයේ (08) යුද හමුදා රෝහලේ දී ෆයිසර් එන්නත ලබාදුන් බව ද යුද හමුදාපතිවරයා සඳහන් කළා.

ඒ අතරින් ඉතිරි සිසුන් සඳහා අද (09) සහ හෙට (10) දෙදින තුළ ද ෆයිසර් කොවිඩ් මර්දන ලබාදීමට බලාපොරොත්තු වන බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.