179 views 0 secs 0 comments

උත්සව සඳහා කොවිඩ් උපදෙස් නැවත සංශෝධනයක්…

In Local News
August 06, 2021

පවතින කොවිඩ් තත්ත්වය සලකා අද (06) මධ්‍යම රාත්‍රියේ බලපැවැත්වෙන පරිදි විවාහ උත්සව පැවැත්වීමේදී අනුගමනය කළයුතු මාර්ගොපදේශ නැවත සංශෝධනය කර තිබේ.

ඒ අනුව උත්සව ශාලාවේ 500කට වැඩි ආසන පහසුකම් ඇත්නම් එහි පැවැත්වෙන මංගල උත්සවයක් සඳහා සහභාගීවිය හැක්කේ උපරීම වශයෙන් 150 දෙනෙකි.

උත්සව ශාලාවක ආසන පහසුකම් 500ට අඩු නම් එවැනි ස්ථානයක පැවැත්වෙන මංගල උත්සවයක් සඳහා සහභාගීවිය හැක්කේ උපරීම 100 දෙනෙකු සඳහා පමණි.

මේ අතර අවමංගල්‍ය උත්සවයක් සඳහා එක් අවස්ථාවකදී සහභාගී වියහැකි උපරීම සංඛ්‍යාව ද 25 දෙනෙකුට සීමා කර තිබේ.