186 views 0 secs 0 comments

සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග කල් යන ලකුණු…

In Local News
September 08, 2021

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග පැවැත්වීමට දින නියම කර තිබුණද, රට තුළ පවතින කොවිඩ් තත්ත්වය හේතුවෙන් විභාග කල් දැමීමට හැකියාවක් ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරියෙක් සඳහන් කළේය.

2021 වර්ෂය සඳහා වූ සා/පෙළ විභාග 2022 පෙබරවාරි 21 සිට මාර්තු 3 දක්වාද, උසස් පෙළ විභාගය නොවැම්බර් 15 සිට දෙසැම්බර් 10 දක්වාද පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සැලසුම් කර තිබුණි.
එමෙන්ම මේ අතර, 5 ශ්‍රේණිය ශිෂ්‍යත්වය නොවැම්බර් 14 දිනට නියමිතව තිබුණි.