162 views 0 secs 0 comments

යුක්‍රේන රෝහලකට රුසියාවෙන් ගුවන් ප්‍රහාර….

In World News
March 10, 2022

රුසියාව යුක්‍රේනයේ මරියපෝල් නගරයේ රෝහලකට එල්ල කල ගුවන් ප්‍රහාරයක් හේතුවෙන් එම රෝහලේ මාතෘ හා ළමා වාට්ටුව සම්පූර්ණයෙන් විනාශ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ප්‍රහාරයෙන් බොහෝ දෙනෙකු මිය ගොස් ඇති අතර, මෙම ප්‍රහාරය යුද අපරාධයක් බව යුක්‍රේන ජනාධිපති වොලොඩිමීර් සෙලෙන්ස්කි පවසයි.

මෙය කම්පා සහගත ප්‍රහාරයක් බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙයි.
මේ අතර ඊයේ දින, දැඩි ගැටුම් ඇති යුක්‍රේනයේ නගරවලින් එරට වැසියන්ට ඉවත්ව යාම සඳහා රුසියාව පැය 12 ක සටන් විරාමයක් ප්‍රකාශයට පත් කළේ ය.
කෙසේවෙතත් රුසියාව මේ සම්බන්ධයෙන් සිය ස්ථාවරය පැහැදිලිව ප්‍රකාශයට පත් කර නොමැති බවයි වාර්තා වෙන්නේ.