160 views 0 secs 0 comments

අගමැතිගේ ආරාධනාව විපක්ෂ නායක ප්‍රතික්ෂේප කරයි.

In Local News
May 14, 2022

මේ අර්බුදකාරී අවස්ථාවේ සාම්ප්‍රදායික දේශපාලනය පසෙකලා දැවෙන ප්‍රශ්න විසඳීමට අත්වැල් බැඳ ගැනීම සඳහා නව රජය හා එකතු වන ලෙසට අග්‍රාමාත්‍යවරයා විසින් විපක්ෂ නායකවරයාට ලිපියක් යොමුකර අවධාරණය කර තිබේ. නමුත් මෙම යෝජනාව සජිත් ප්‍රේමදාස ඇතුළු සමගි ජන බලවේගය විසින් ප්‍රතික්ෂේප කොට තිබෙනවා.විපක්ෂ නායකවරයා අග්‍රාමාත්‍යවරයාට ලිපියක් යවමින් පෙන්වා දෙන්නේ රට තුළ පවතින අර්බුදයේ දී ජනතාව ඉල්ලා සිටින්නේ රාජපක්ෂවරුන් නොමැති පාලනයක් බවයි.