
ව්‍යාජ QR කේත භාවිතා කර ඉන්ධන ලබා ගන්නා පුද්ගලයින්ට එරෙහිව දැඩි පියවර ගන්නා බව බලශක්ති අමාත්‍යාංශය පවසයි.
ව්‍යාජ QR කේත භාවිත කර ඉන්ධන ලබාගැනීමට ඇතැමුන් උත්සාහ දැරීමේ එවැනි සිදුවීම් කිහිපයක් වාර්තා වී ඇති බවයි අමාත්‍යාංශය සඳහන් කළේ.
එවැනි QR කේත හඳුනාගැනීම සඳහා තොරතුරු තාක්ෂණ නියෝජිතායතනය (ICTA) සමඟ එක්ව විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව ද අමාත්‍යාංශය සඳහන් කළේය.