150 views 0 secs 0 comments

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු රඳවා තබා ගැනීමේ නියෝග සමගි ජන බලවේගය හෙළා දකී

In Local News
August 20, 2022

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ රැඳවුම් නියෝග යටතේ රඳවා ගැනීමට රජය දරන උත්සාහය සමගි ජන බලවේගය හෙළා දකී.
නිවේදනයක් නිකුත් කරමින් සමගි ජන බලවේගය පවසන්නේ සාමකාමී විරෝධතාවල නිරත වූ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයට ජල ප්‍රහාර සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීම හෙළා දකින බවයි. භාෂණයේ නිදහසට ඉඩ දීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අදහස ද පෙන්වා දුන් එම පක්ෂය කිසිදු නිසි තර්කයකින් තොරව හදිසි නීතියට මුවා වී මෙම මර්දනකාරී ක්‍රියා සිදු කරන බව ද කියා සිටියේය.
එපමනක් නොව, මෙම තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලාංකිකයන් අතර ආතතියක් නිර්මාණය වී ඇති අතර, ප්‍රතික්ෂේප කරන ලද දේශපාලනඥයන් මතභේදාත්මක ප්‍රකාශයන් ප්‍රකාශ කරමින් ආපසු පැමිණෙන බව සමගි ජන බලවේගය පැවසීය.
එබැවින් එවැනි තත්ත්වයන් යටතේ සර්ව පාක්ෂික ආණ්ඩුවකට තවදුරටත් ක්‍රියාත්මක විය නොහැකි බැවින් මර්දනකාරී ක්‍රියා නවතා රඳවා සිටින ශිෂ්‍ය සංගම් නායකයින් නිදහස් කරන ලෙස සමගි ජන බලවේගය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.