178 views 0 secs 0 comments

ජනපති හා සින්ඩි මැකේන් අතර හමුවක්…

In Local News
September 26, 2022

රෝමයේ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්මය පිළිබඳ ආයතනයේ අමෙරිකානු තානාපතිනිය වන සින්ඩි මැකේන් හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

මෙම සාකච්ඡාව සඳහා මෙරට ඇමෙරිකානු තානාපතිනී ජූලි චන්ග්ද සහභාගීවී තිබෙන අතර ශ්‍රී ලාංකිකයන්ට පවතින ආර්ථික දුෂ්කරතාවල බලපෑම පිළිබඳව සහ හදිසි මානුෂීය අවශ්‍යතා සපුරාලීම සඳහා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව එක්ව කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව මෙහිදී සාකච්ඡා කර ඇති බව ඇය සඳහන් කර සිටියා.