173 views 0 secs 0 comments

ආහාර අර්බුදය වළක්වාගැනීමට සියලු පාර්ශ්ව කටයුතු කළ යුතුයි – මහාචාර්ය බුද්ධි මාරඹේ

In Local News
May 31, 2022

මේ මොහොතේ සිටම ඉදිරියේ දී ඇතිවිය හැකි ආහාර අර්බුදය වළක්වාගැනීමට සියලු පාර්ශ්ව කටයුතු කළයුතු බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ මෙවර වී අස්වැන්න සියයට 50 කට වඩා අඩුවනු ඇති බවත් ඔක්තෝම්බර් මාසයේ සිට මාසිකව අවශ්‍ය කරන වී ප්‍රමාණය ජනතාවට ලබාදීමට නොහැකි වන බවයි.

ඒ අනුව සහල් මෙට්‍රික් ටොන් 195,000ක පමණ හිඟයක් ඔක්තෝම්බර් මාසයේ සිට සෑම මාසයකම රට තුළ ඇති වන බව ඔහු පවසයි. එමනිසා මේ මොහොතේ සිට එය වළක්වා ගැනීම සඳහා කටයුතු කළ යුතු බවයි ඔහු සඳහන් කරන්නේ.

ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ ජලය එක්රැස් නොවන ස්ථාන සොයා බලා හැකි උපරිම ආකාරයකට මුං වැනි පෝෂ්‍යදායී බෝග වගා කළ යුතු බවත් ගෙවතු වගාවන්ද ආරම්භ කළ යුතු බවයි.