
ලොව ජනප්‍රිය රැප් ගායකයෙකු වන Coolio අභිරහස් ලෙස මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
මියයනවිට ඔහු 59 හැවිරිදි වියේ පසු වූ අතර වර්ෂ 1980දී Coolio සිය සංගීත ජීවිතය ආරම්භ කළද 1995දී ඔහු විසින් නිර්මාණය කල Gangsta’s Paradise හරහා ඔහු ලොවපුරා අතිශය ජනප්‍රියත්වයට පත්වූයේ ය.
Coolio සිරුර හමුව ඇත්තේ Los Angeles හි පිහිටි ඔහුගේ මිතුරෙකුගේ නිවසක නාන කාමරයක් තුළ තිබියදීය.
කෙසේ වෙතත් වෛද්‍යවරුන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ Coolio ගේ මරණයට හේතුව හෘදයාබාධයක් බවට සැක පළකරන බවය.