
පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහාන් බණ්ඩාර මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා එළඹෙන සතියේ දී තිරිඟු පිටි මිල පහළ දැමීමට කටයුතු කරන බව ප්‍රකාශ කර සිටියා.
මෙම සතියේ සිට අඛණ්ඩව ආනයනය කරන ලද තිරිගු පිටි මේ රටට ලැබීමට නියමිත බවත්, මේ වන විටත් තිරිඟු පිටි කන්ටේනර් 100 කට ආසන්න ප්‍රමාණයක් කොළඹ කොළඹ වරායට ගොඩ බෑම ආරම්භ කර ඇති බවත්, තිරිඟු පිටි මිල රුපියල් 250 දක්වා පහත දැමීමට අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.