301 views 0 secs 0 comments

ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ එකම ආරක්ෂිත සංචාරක ගමනාන්තය බවට පත් වේ.

In Local News
October 17, 2022

වර්ල්ඩ් පැකර්ස් වෙබ් අඩවියට අනුඅ දකුණු ආසියාවේ එකම සහ ලෝකයේ ආරක්ෂිත සංචාරක ගමනාන්ත සහිත රටවල් අතර 12වන ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව ඇති බව සංචාරක හා ඉඩම් අමාත්‍යාංශය සඳහන් කර සිටියා.

එමෙන්ම මෙම වෙබ් අඩවියේ ලෝක සංචාරකයින් නැරඹිය යුතුම ස්ථානයක් ලෙස සීගිරිය දක්වා තිබීම සතුටට කරුණක් බවද අමාත්‍යාංශය නිවේදනය කර සිටියා.

පිළිවෙළින් අයිස්ලන්තය, ස්විට්සර්ලන්තය, ඩෙන්මාර්කය,නවසීලන්තය, කැනඩාව, ස්පාඤ්ඤය, පෘතුගාලය, අයර්ලන්තය,ජපානය ,පෝලන්තය සහ ඔස්ට්‍රේලියාව එම ලැයිස්තුවේ ශ්‍රී ලංකාවට ඉදිරියෙන් සිටින රටවල් වේ.