190 views 0 secs 0 comments

නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ.

In Local News
October 23, 2022

දිවයින පුරා පවතින අධික වර්ෂාවත් සමඟ තවදුරටත් නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන දීර්ඝ කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. නායයාම් අනතුරු ඇඟවීම් තවදුරටත් කළුතර, කෑගල්ල, ගාල්ල, නුවරඑළිය සහ රත්නපුරය යන දිස්ත්‍රික්කවලට බලපැවැත්වෙනවා.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ කළුතර දිස්ත්‍රික්කයේ දොඩන්ගොඩ, ඉංගිරිය, වළල්ලාවිට, පාලින්ද නුවර සහ බුලත්සිංහල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුවකෝරලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ජනතාවට අවදානයෙන් සිටින ලෙසයි.
රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන, රත්තනපුර, නිවිතිගල, ඇහැළියගොඩ සහ කුරුවිට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත්කර ඇති අතර ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටත් නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත්කර තිබෙනවා.