ලොව පුරා හින්දු බැතිමතුන් මහත් ගෞරවයෙන් සමරන දීපාවලී උත්සවය අද දිනයට යෙදී තිබෙනවා. චන්ද්‍ර දින දර්ශනයට අනුව හින්දු නව වසරේ ආරම්භය සනිටුහන් කෙරෙන්නේ දීපාවලි දිනයෙන් බවයි සඳහන් වන්නේ.
විෂ්ණු දෙවියන් හින්දු බැතිමතුන් පීඩාවට පත්කළ නරගාසුරන් නැමැති අසුරයා පරාජයට පත්කිරීම දීපාවලි දිනයේදී සිදු වූ බව හින්දු බැතිමතුන්ගේ විශ්වාසයයි.
