
සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය මාර්තු 18 වන සෙනසුරාදා පැවැත්වීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
දිවයින පුරා මධ්‍යස්ථාන 3,269 දී විභාගය පැවැත්වෙන අතරම එම විභාගය සඳහා පෙනී සිටින සියලුම අපේක්ෂකයින් සඳහා වන ප්‍රවේශ පත්‍ර පෞද්ගලිකව බාගත කළ නොහැකි වන අතර තම පාසැල් මඟින් එම කාර්ය සිදුකළ යුතු බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර ප්‍රකාශ කර සිටියා.