ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කර තිබේ.
ජනාධිපති පුටින් යුද අපරාධ සම්බන්ධයෙන් වගකිව යුතු බවට ජාත්‍යන්තර අපරාධ අධිකරණය චෝදනා කරන අතර එහිදී එල්ලවී ඇති එක් චෝදනාවක් නම් නීතිවිරෝධී ලෙස ළමුන්ව යුක්‍රේනයේ සිට රුසියාවට පිටුවහල් කිරීමයි.
