
පෙබරවාරි මාසය නිමාවන විට රුපියල් 360කට ආසන්නයේ තිබු ඇමරිකානු ඩොලර් එකක මිල දින දහයක් තුළ රුපියල් 318 ක් දක්වා පහළ වැටුණ අතර පසුගිය දින පහ තුළදී ඩොලරය යලි රුපියල් 350 ඉක්මවා ඉහළ යාමක් පෙන්නුම් කළේය.
මහ බැංකුව අද (17) නිකුත් කළ විනිමය අනුපාත අගයන් වලට අනුව අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 350 යි සත 22 ක් ලෙස සටහන් වූ අතර ගැනුම් මිල අද රුපියල් 332 යි සත 20 ක් ලෙස දැක්විණි.