168 views 0 secs 0 comments

වර්ජනයට සහය වූවන්ට අනිවාර්ය නිවාඩු….

In Local News
March 29, 2023

ඉන්ධන බෙදා හැරීමේ කටයුතුවලට බාධා කළ වෘත්තීය සමිති නායකයින් හා එයට සහාය දුන් සේවකයන් අනිවාර්ය නිවාඩු යැවීමට කළමණාකාරීත්වය තීරණය කර ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.

එම සේවකයන්ට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා පරිශ්‍රය හා තෙල් තොග ගබඩා පර්යන්ත සේවා පරිශ්‍රයන් තහනම් කලාප බවද එම සංස්ථාව සඳහන් කර සිටියා.

අනෙකුත් සියලුම නිලධාරීන් සේවයට වාර්තා කර ඉන්ධන බෙදා හැරීමේ කටයුතු සහ අනෙකුත් සේවවන් අඛණ්ඩව පවත්වාගෙන යාමට කටයුතු කළ යුතු බව අදාළ නිවේදනයෙන් දැනුම් දී තිබේ.