අද (29) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල පහත දමා තිබෙනවා.
එමෙන්ම ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන මිල ගණන් හා සමානව සිය මිල ගණන් අඩු කරන බව ලංකා ඓOC සමාගමද සඳහන් කර සිටියා.
අඩු වූ මිල සහ නව මිල පහතින්.
පෙට්‍රල් 92 – රු.60 කින් (නව මිල රු.340)
පෙට්‍රල් 95 – රු.135 කින් (නව මිල රු.375)
ඔටෝ ඩීසල් – රු.80 කින් (නව මිල රු.325)
සුපර් ඩීසල් – රු.45 කින් (නව මිල රු.465)
භූමිතෙල් – රු.10 කින් (නව මිල රු.295)
