107 views 0 secs 0 comments

ඉන්දීය මුදල් අමාත්‍යවරිය දිවයිනට

In Local News
November 01, 2023

ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය නිල සංචාරයක් සඳහා අද (01) දිවයිනට පැමිණීමට නියමිතයි.

හෙට දින (02)කොළඹදී පැවැත්වීමට නියමිත ඉන්දු ශ්‍රී ලංකා ව්‍යාපාරික සමුළුවේ ප්‍රධාන දේශණය අමාත්‍යවරිය විසින් සිදි කිරීමට නියමිතයි.

දේශණයෙන් අනතුරුව අමාත්‍යවරිය, ත්‍රිකුණාමලයේ පිහිටි තෙල් ටැංකි සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වී, ඉන් අනතුරුව යාපනය හා මහනුවර ප්‍රදේශ වලද සංචාරයන්ට එක් වීමට නියමිත බව සදහන් වේ.

මෙම සංචාරය අතරතුර ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අගමැති දිනේෂ් ගුණවර්ධන, අමාත්‍ය ජීවන් තොණඩමන් ඇතුළු දේශපාලනික නියෝජිතයින් රැසක් සමග නිර්මලා සීතාරාමන් අමාත්‍යවරිය සාකච්ඡා පැවත්වීමටද නියමිතයි..