බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා මහත්මිය (Sheikh Hasina) පාර්ලිමේන්තු මැතිවරණයෙන් සිය පක්ෂය ජයග්‍රහණය කරවමින් නැවත වරක් අග්‍රාමාත්‍ය ධූරයට තේරී පත්වීම පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය උණුසුම් සුබපැතුම් පිරිනැමීය.
ඇයගේ දූරදර්ශී නායකත්වය පිළිබඳ සදහන් කළ ජනාධිපතිවරයා, ඇය සතු දැනුම සහ අත්දැකීම් තුළින් බංග්ලාදේශයේ ජනතාවට ප්‍රතිලාභ සැලසෙන බවට විශ්වාසය පළ කළේය.
