රට ගොඩනැගීම සඳහා පැරණි ආර්ථික සහ දේශපාලන ක්‍රම දෙකම ප්‍රතිසංස්කරණය කිරීමේ අවශ්‍යතාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. වත්මන් විරැකියා ප්‍රශ්න මතුව ඇත්තේ යල් පැන ගිය ආර්ථික රාමුව නිසා බව පෙන්වා දුන් ඔහු නව ආර්ථික ක්‍රමයක් තුළින් නව රැකියා අවස්ථා ඇති කරන ලෙස ඉල්ලා සිටියේය. ඊයේ (25) කිලිනොච්චිය “නෙළුම් පියස” ශාලාවේ දී පැවති දිස්ත්‍රික් තරුණ සමුළුවේ දී ඉරණමඩු ප්‍රදේශයේ තරුණ තරුණියන්ට තම අවශ්‍යතා සහ ගැටලු ජනාධිපතිතුමා වෙත ඍජුව ප්‍රකාශ කිරීමට අවස්ථාව හිමි වූ අතර එහිදී මෙම අදහස් පළ විය.







