Connect with us

Local News

ගම්පහ දිස්ත්‍රික්කයේ පාසල් 67ක් සඳහා ක්‍රිකට් උපකරණ ප්‍රදානය සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන්

Published

on

ගම්පහ දිස්ත්‍රික්කයේ පාසල් තුළ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීමේ අරමුණින් පාසැල් 67ක් සඳහා ක්‍රිකට් උපකරණ ප්‍රදානය කිරීම ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (15) ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව, සාගල රත්නායක මහතාගේ පූර්ණ මගපෙන්වීම හා අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක Youth vision 2048 සංවිධානය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එක්ව මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි.
මෙහිදී අදහස් දැක්වූ සාගල රත්නායක මහතා සඳහන් කළේ ජාතික මට්ටමේ දක්ෂ ක්‍රීඩකයින් බිහි කිරීමට පාසල් ක්‍රිකට් ක්‍රීඩාව ඉතා වැදගත් බවයි. එසේම රටේ බිඳ වැටුණු ආර්ථිකය යළි නඟා සිටුවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉකුත් දෙවසර තුළ කැපවී කටයුතු කළ බවත්, එම ආර්ථික වැඩපිළිවෙළ ඉදිරියට ක්‍රියාත්මක කර දූෂණයෙන් තොර ක්‍රමවත් ආර්ථික රාමුවක් තුළ රටේ දරුවන්ට හොඳ අනාගතයක් ගොඩනඟාදීම ජනාධිපතිවරයාගේ අපේක්ෂාව බවත් ඒ මහතා සඳහන් කළේය.
දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජේවර්ධන මහතා ද මෙහිදී අදහස් දැක්වූ අතර අනාගත පරපුරේ ක්‍රීඩා කෞෂල්‍ය ඔප් නැංවීම වෙනුවෙන් දායක වූ සියලුදෙනාට ඒ මහතා සිය ප්‍රශංසාව පළ කළේය.
ජනාධිපති තරුණ කටයුතු හා තිරසර සංවර්ධන අධ්‍යක්ෂ සචිර සරත්චන්ද්‍ර, Youth vision 2048 සංවිධානයේ උපදේශක ආචාර්ය ලසන්ත ගුණවර්ධන, Youth vision 2048 සංවිධානයේ සභාපති ඩෑන් පෝද්දිවෙල, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් සහ විදුල්පතිවරුන්, ක්‍රීඩා උපදේශකවරුන් සිසු දරුවන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Local News

රංගන ශිල්පී නලීන් ප්‍රදීප් උඩුවෙල අභාවප්‍රාප්ත වෙයි…

Published

on

By

ප්‍රවීණ රංගන ශිල්පී නලීන් ප්‍රදීප් උඩුවෙල අද (23) උදෑසන මහරගම අපේක්ෂා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්විය.

මියයන විට ඔහු 56 වන වියේ පසුවූ අතර, දෙදරු පියෙකි.

Continue Reading

Local News

ජනාධිපති අනුර කුමාර එක්සත් ජාතීන් සභාවට පිටත්ව යයි

Published

on

By

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගි වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (22) දිවයිනෙන් පිටත්විණි.

ජනාධිපතිවරයා ලබන 24 වනදා එරට වේලාවෙන් පස්වරු 3.15ට මහා මණ්ඩලය ඇමතීමට නියමිතය. මේ අවස්ථාවට සමගාමීව, එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා සහ විදේශ රාජ්‍ය නායකයන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා රැසක් පැවැත්වීමටද කටයුතු සූදානම් කර ඇත.

එසේම ජනාධිපතිවරයා අමෙරිකාවේ නාගරික ශ්‍රී ලාංකිකයන් සමඟ විශේෂ හමුවකට ද සහභාගි වනු ඇත.

මෙම සංචාරයට විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් ද එක්ව සිටින බව සදහන් වේ.

Continue Reading

Local News

කීරි සම්බා සහ සම්බා සහල් හිඟය පිළිබඳව පාරිභෝගික අධිකාරියෙන් ප්‍රකාශයක්….

Published

on

By

රට තුළ පවතින කීරි සම්බා සහ සම්බා සහල් හිඟය සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා අද (15) ප්‍රකාශ කළේය.

මෙහිදී ඔහු පැවසුවේ අධිකාරියට ලැබුණු පැමිණිලි පසුපස සිදු කළ සොයා බැලීම් මගින් සහල් හිඟය පිළිබඳ කරුණු අනාවරණය වූ බවයි. නමුත් සහල් සඳහා ගැසට් පත්‍රයකින් පාලන මිල නියම කර ඇති අතර, එම මිලට වඩා වැඩි මිලකට සහල් අලෙවි කිරීමේ අවස්ථාවලදී නීතිය යටතේ අවශ්‍ය නීතිමය පියවර ගන්නා බවද ඔහු පැවසීය.

සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ගැසට් පත්‍රයට අනුකූලව වී මිලදී ගැනීම සහ සහල් අලෙවි කිරීම සිදුකරන ලෙස සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින බවයි.

ඒ අතරතුර සහල් සම්බන්ධ වැටලීම් 3,000කට වැඩි වශයෙන් සිදුකර ඇති අතර, ඒ මගින් 1,000කට ආසන්න නීතිමය පියවර ගෙන, රුපියල් මිලියන 95ට ආසන්න මුදලක් අයකරගෙන ඇති බවද ඔහු සඳහන් කළේය.

කෙසේ වෙතත්, පවතින සහල් හිඟය හේතුවෙන් ගැසට් පත්‍ර සංශෝධනය කිරීමේ කිසිදු අපේක්ෂාවක් මේ වන විට නොමැති බවද ඔහු අවධාරණය කළේය.

Continue Reading

ප්‍රවණතාවන්