
නිරෝධායනය සඳහා පිරිසක් ගෙන යමින් සිටි බස් රථයක් පොළොන්නරුවේ අසේලපුරදී තවත් බස් රථයක ගැටී අනතුරට ලක් වී තිබෙනවා. මේ අනතුර හේතුවෙන් බස් රථ 2හි රියදුරන් දෙදෙනා හා තවත් කිහිප දෙනෙක් තුවාල ලබා ඇති බවයි වාර්ථා වන්නේ. මේ වන විට ඔවුන් ප්‍රතිකාර සඳහා පොළොන්නරුව රෝහලට ඇතුලත් කර තිබේ.