76 views 0 secs 0 comments

ජනපති නිල සංචාරයක් සඳහා එක්සත් අරාබී එමීර් රාජ්‍යයට..

In Local News
February 10, 2025

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (10) සිට 13 දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිල සංචාරයක නිරත වීමට නියමිතය.
ඒ ජනාධිපති මොහොමඩ් බින් සෙයිඩ් අල් නහියන්ගේ ආරාධනයකට අනුවයි

මෙම සංචාරයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා “2025 ලෝක රාජ්‍ය සමුළුවට සහභාගී වීමට නියමිත අතර එම සමුළුව ඇමතීමට ද නියමිතය.

ජනාධිපතිවරයා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති මොහොඩ් බින් සයිඩ් අල් නහියන් සමඟ ද්වී පාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර එරට උප ජනාධිපති සහ අග්‍රාමාත්‍යවරයා වන ශෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටුම් හමුවීමට ද නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලෝක රාජ්‍ය සමුළුවට සහභාගී වන රටවල් කිහිපයක රාජ්‍ය නායකයින් සහ ආණ්ඩු ප්‍රධානීන් සමග ද්වී පාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිත තිබේ.

ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් තොරතුරු තාක්ෂණ, කෘත්‍රිම බුද්ධිය, බලශක්තිය, සංචාරක, මූල්‍ය සහ මාධ්‍ය යන අංශවල ලොව ප්‍රමුඛ පෙලේ ගෝලීය සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීන් සමඟ ද ජනාධිපතිවරයා මෙම සංචාරයේදී සාකච්ඡා පැවැත්වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.