79 views 0 secs 0 comments

ජනපති සහ බස්නාහිර පළාත් පොලිස් ප්‍රධානීන් අතර හමුවක්…

In Local News
March 18, 2025

සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම් හා මත්ද්‍රව්‍ය ව්‍යසනය පිටුදැකීමට අවශ්‍ය පහසුකම් සැලසීමට හා නව නීති සම්පාදනයට පියවර ගන්නා බව බස්නාහිර පළාත් පොලිස් ප්‍රධානීන් අතර ජනාධිපති ලේකම් කාර්යාලයේ අද (18) පැවති සාකච්ඡාවේදී ප්‍රකාශ කළේය.

‍නීතියේ විධානයේ ආධිපත්‍යය සුරැකීම පොලිස් දෙපාර්තමේන්තුව සතු වගකීමක් බවද ශ්‍රී ලංකාව තුළ නීතියේ විධානයේ ආධිපත්‍යය තහවුරු නොකර යහපත් සමාජයක් බිහි කළ නොහැකි බව ද ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නීතීඥ සුනිල් වටගල, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න, වැඩබලන පොලිස්පති ප්‍රියන්ත විරසූරිය යන මහත්වරුද බස්නාහිර පළාත් පොලිස් ප්‍රධානීන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.