
පසුගිය වසරක කාලය තුළ ලෝක වෙළෙඳපොළේ කිරිපිටි මිල 20%කින් පමණ වැඩිවීම සැලකිල්ලට ගනිමින් ආනයනික කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 50කින් ඉහළ දැමීමට කිරිපිටි ආනයනකරුවන්ගේ සංසදය තීරණය කර තිබේ.
මෙය සියයට 4.7ක පමණ ඉහල යෑමක් වන අතර අප්‍රේල් 1 වන දින සිට මිල වෙනස් වීම් ක්‍රියාත්මක වේ.