Connect with us

world-news

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟ සබඳතා ශක්තිමත් කරන බව ප්‍රකාශ කරයි…

Published

on

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා, මැදපෙරදිගට සිව්දින රාජ්‍ය සංචාරයක නිරතවෙමින් සිටින අතර, ඒ අවස්ථාවේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති ෂෙයික් මොහොමඩ් බින් සයිඩ් අල් නහියන් මහතා හමුවී ඇත.

මෙම හමුවේදී ජනාධිපති ට්‍රම්ප් මහතා පැවසූයේ, දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කරගෙන යාමට සැලසුම් කර ඇති බවයි. ඔහු ප්‍රකාශ කළේ, ඩොලර් බිලියන 200කට අධික වටිනාකමකින් යුතු ගනුදෙනු කිහිපයක් මේ සඳහා දැනටමත් සම්මුත වී ඇති බවය.

කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය පිළිබඳ සහයෝගීතාවය ද මෙම ගිවිසුම්වලට ඇතුළත් වන අතර, එය දෙරට අතර තාක්ෂණික සබඳතාවයන් දැඩියෙන් වර්ධනය කිරීමට බලාපොරොත්තු වන බව ද හෙළිවුණි.

එහිදී ඇමෙරිකානු බෝයිං සමාගම සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ එතිහෙඩ් එයාර්වේස් සමාගම අතර $14.5 බිලියන වටිනාකමින් යුතු ගිවිසුමක්ද සම්මුත විය.

ජනාධිපති ට්‍රම්ප් මහතා ඊයේ (15) සෞදි අරාබියට ගිය අතර, එයට අනතුරුව කටාර් රාජ්‍යයට පැමිණියේය. මේ වනවිට ඔහු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරයේ නිරත වන අතර, එය ගල්ෆ් කලාපයේ රාජ්‍ය 3කට සිදුකරන සංචාරයේ අවසාන නැවතුම වන අතරය.

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

world-news

ජාතන්තර සංඥා භාෂා දිනය අද…

Published

on

By

ජාතන්තර සංඥා භාෂා දිනය අද (23) යෙදී ඇති අතර, මෙවර තේමාව “සංඥා භාෂා හිමිකම්වලින් තොර මානව හිමිකම් නොමැත” ලෙස නියම කර තිබේ.

සමරු උත්සවය අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් ග්‍රාම සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්විමේ අමාත්‍යාංශයේදී පැවැත්වේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ දත්ත අනුව, ලෝකය පුරා ශ්‍රව්‍යබාධිත පුද්ගලයින් මිලියන 70ක් පමණ ජීවත් වන අතර ඔවුන් භාවිතා කරන සංඥා භාෂා සංඛ්‍යාව තුන්සියකට අධිකය.

ජාතන්තර සංඥා භාෂා දිනය එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පළමු වරට 2018 දී සනිටුහන් කරන ලදී.

Continue Reading

world-news

ජෙරුසලම් වෙඩි ප්‍රහාරයෙන් පුද්ගලයින් හය දෙනෙකු මරුට

Published

on

By

ඊශ්‍රායලයේ ජෙරුසලම් නගරයේ රාමෝද් ප්‍රදේශයේදී තුවක්කුකරුවන් දෙදෙනෙකු සිදුකළ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයින් හය දෙනෙකු මියගොස් තිබේ.

මෙහිදී තවත් 12 දෙනෙකු තුවාල ලබා ඇති අතර, ඔවුන්ගෙන් 6 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

බස් රථයකට නැගීමට සිටි ජනතාව ඉලක්ක කර ගනිමින් සිදුකළ මෙම ප්‍රහාරයට පසුව ආරක්ෂක අංශ වෙඩික්කරුවන් දෙදෙනාට ප්‍රතිප්‍රහාර එල්ල කළේය.

කෙසේවෙතත්, ප්‍රහාරය සිදුකළේ කුමන කණ්ඩායමක් ද යන්න මෙතෙක් අනාවරණ වී නොමැත.

සිද්ධියෙන් පසු ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙංජමි නෙතන්යාහුද සිද්ධි ස්ථානයට ගොස් තිබේ.

Continue Reading

world-news

ජෙරුසලමේ වෙඩි තැබීමක්.. පුද්ගලයින් සිව් දෙනෙකු මරුට ..

Published

on

By

ඊශ්‍රායලයේ ජෙරුසලම රාමොට් හන්දියේ පිවිසුමේදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 15 දෙනෙකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මුල් වාර්තා අනුව අවම වශයෙන් තුවක්කුකරුවන් දෙදෙනෙකු මෙම වෙඩි තැබීමට සම්බන්ධ වී ඇති බව සඳහන්ය.

මෙම වෙඩි තැබීමෙන් මේ වන විට පිරිමි පුද්ගලයින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඔවුන්ගේ වයස් අවුරුදු 30 සිට 50 අතර බව විදෙස් මාධ්‍ය තවදුරටත් වාර්තා කළේය.

අමතරව, තුවාල ලැබූවන්ද ප්‍රාදේශීය රෝහල් වෙත ඇතුළත් කර ඇති බවද සඳහන් වේ.


Continue Reading

ප්‍රවණතාවන්