Connect with us

Local News

වෘත්තිමය පුහුණුවක් සහතිකයක් සහිතව සංචාරක මග පෙන්වන්නන් සදහා වැඩසටහනක් ආරම්භ කෙරේ

Published

on

සංචාරක මග පෙන්වන්නන් ලෙස වන සංරක්ෂණ මාර්ගෝපදේශකයින් ලෙස කටයුතු කිරීමට වෘත්තිමය පුහුණුවක්, සහතිකයක් සහ හැදුනුම්පතක් ලබාදීමේ වැඩසටහනේ පළමු අදියර අද (16) පරිසර අමාත්‍යාංශයේදී ආරම්භ විය.

මෙම අවස්ථාවට නකල්ස් ලෝක උරුම වනාන්තරය ආශ්‍රිතව මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්කවලින් ලියාපදිංචි වූ පුහුණුලාභීන් 62 දෙනෙකුගෙන් 38 දෙනෙකුට සහතිකපත් ප්‍රදානය කෙරුණි.

අවිධිමත් සංචාරක ක්‍රියාකාරකම්—ගිනි දැල්වීම, කසල බැහැර කිරීම, අධික ශබ්ද හා විශාල සාද පවත්වා පරිසරයට හානිකර ක්‍රියා—වළක්වා ගැනීම මෙහි ප්‍රධාන අරමුණක් වේ.

මෙම පුහුණුව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ මධ්‍යම පළාත් වෙළද වාණිජ හා සංචාරක දෙපාර්තමේන්තුව යන ආයතන එක්ව ඉනාමළුව ක්ෂේත්‍ර පුහුණු මධ්‍යස්ථානයේදී දින 5ක කාලයක් පැවැත්වුණි. විෂයන් පිළිබඳ වෘත්තීය පුහුණුකරුවන් සහ විශේෂඥයින් මෙයට සම්පත් දායකත්වය ලබාදී ඇත.

ඉදිරියේදී, මෙම පුහුණුව සම්පුර්ණ කරන පුද්ගලයින්ට නිල හැදුනුම්පතක් නිකුත් කිරීමටද නියමිතය. මේ හරහා සංචාරක මග පෙන්වන්නන්ගේ වෘත්තිමය ගුණාත්මකභාවය වැඩි දියුණු කර, වනාන්තර සංරක්ෂණය සහ sustainable tourism නියමිත පරිදි පවත්වාගෙන යාමට හැකිවනු ඇත.

වෙනත් දිස්ත්‍රික්කයන්හිද මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර, එමඟින් දිවයින පුරා වනාන්තර සංරක්ෂණය හා සංචාරක ක්ෂේත්‍රය අතර ශක්තිමත් සම්බන්ධතාවයක් ගොඩනඟා ගැනීමට බලාපොරොත්තු වේ.

මෙම අවස්ථාවට වන සංරක්ෂක ජනරාල් නිශාන්ත එදිරිසිංහ, මධ්‍යම පළාත් සංචාරක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සඳමාලි හේවගේ මිය, මහනුවර දිසා වන නිලධාරි භාරත දිසානායක යන පිරිසක්ද සහභාගි විය.

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Local News

රංගන ශිල්පී නලීන් ප්‍රදීප් උඩුවෙල අභාවප්‍රාප්ත වෙයි…

Published

on

By

ප්‍රවීණ රංගන ශිල්පී නලීන් ප්‍රදීප් උඩුවෙල අද (23) උදෑසන මහරගම අපේක්ෂා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්විය.

මියයන විට ඔහු 56 වන වියේ පසුවූ අතර, දෙදරු පියෙකි.

Continue Reading

Local News

ජනාධිපති අනුර කුමාර එක්සත් ජාතීන් සභාවට පිටත්ව යයි

Published

on

By

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගි වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (22) දිවයිනෙන් පිටත්විණි.

ජනාධිපතිවරයා ලබන 24 වනදා එරට වේලාවෙන් පස්වරු 3.15ට මහා මණ්ඩලය ඇමතීමට නියමිතය. මේ අවස්ථාවට සමගාමීව, එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා සහ විදේශ රාජ්‍ය නායකයන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා රැසක් පැවැත්වීමටද කටයුතු සූදානම් කර ඇත.

එසේම ජනාධිපතිවරයා අමෙරිකාවේ නාගරික ශ්‍රී ලාංකිකයන් සමඟ විශේෂ හමුවකට ද සහභාගි වනු ඇත.

මෙම සංචාරයට විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් ද එක්ව සිටින බව සදහන් වේ.

Continue Reading

Local News

කීරි සම්බා සහ සම්බා සහල් හිඟය පිළිබඳව පාරිභෝගික අධිකාරියෙන් ප්‍රකාශයක්….

Published

on

By

රට තුළ පවතින කීරි සම්බා සහ සම්බා සහල් හිඟය සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා අද (15) ප්‍රකාශ කළේය.

මෙහිදී ඔහු පැවසුවේ අධිකාරියට ලැබුණු පැමිණිලි පසුපස සිදු කළ සොයා බැලීම් මගින් සහල් හිඟය පිළිබඳ කරුණු අනාවරණය වූ බවයි. නමුත් සහල් සඳහා ගැසට් පත්‍රයකින් පාලන මිල නියම කර ඇති අතර, එම මිලට වඩා වැඩි මිලකට සහල් අලෙවි කිරීමේ අවස්ථාවලදී නීතිය යටතේ අවශ්‍ය නීතිමය පියවර ගන්නා බවද ඔහු පැවසීය.

සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ගැසට් පත්‍රයට අනුකූලව වී මිලදී ගැනීම සහ සහල් අලෙවි කිරීම සිදුකරන ලෙස සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින බවයි.

ඒ අතරතුර සහල් සම්බන්ධ වැටලීම් 3,000කට වැඩි වශයෙන් සිදුකර ඇති අතර, ඒ මගින් 1,000කට ආසන්න නීතිමය පියවර ගෙන, රුපියල් මිලියන 95ට ආසන්න මුදලක් අයකරගෙන ඇති බවද ඔහු සඳහන් කළේය.

කෙසේ වෙතත්, පවතින සහල් හිඟය හේතුවෙන් ගැසට් පත්‍ර සංශෝධනය කිරීමේ කිසිදු අපේක්ෂාවක් මේ වන විට නොමැති බවද ඔහු අවධාරණය කළේය.

Continue Reading

ප්‍රවණතාවන්