
මහව, පහළ බලල්ල දේවාල හංදිය ප්‍රදේශයේ දී මවක් සහ දරුවෙකු රිය අනතුරකට ලක්කර පළාගිය කැබ් රථයේ රියදුරු පොලිස් අත්අඩංගුවට පත්වී තිබේ. රියදුරු මත්පැන් පානය කර සිටියේදැයි යන්න පිළිබඳව පරීක්ෂණ සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා.
ඊයේ සවස 6.30ට පමණ පදිකමාරුවක් හරහා ගමන් කරමින් සිටි මවක සහ ඇයගේ කුඩා පුතු එම කැබ් රථයේ ගැටීම හේතුවෙන් ඔවුන් දෙදෙනා රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් තිබුණි.