634 views 1 sec 0 comments

MCC දීමනාව අත්හිටුවයි…

In Uncategorized
December 17, 2020

පසුගිය අඟහරුවාදා රැස් වූ MCC අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී MCC එකඟතාව යටතේ ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිතව තිබූ අමෙරිකානු ඩොලර් මිලියන 480ක දීමනාව අත්හිටුවීමට අමෙරිකාව තීරණය කරඇති බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් නිල ප්‍රකාශය අද (17) නිකුත් කිරීමට නියමිතය.

ශ්‍රී ලංකාව සමග ඇති කරගත් එකඟතාවක් මත පස් අවුරුදු සැලැස්මක් යටතේ මෙරට ක්ෂේත්‍ර කිහිපයක යටිතල පහසුකම් දියුණු කිරීමේ කටයුතු වෙනුවෙන් අදාළ මුදල් පිරිනැමීමට අමෙරිකාව තීරණය කර තිබුණි. එහෙත් පසුගිය මැතිවරණයේදී ලබාදුන් පොරොන්දුවකට අනුව එම ගිවිසුම සමාලෝචනයකින් තොරව අත්සන් නොකරන බවට රජය තීරණය කළ අතර ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් කමිටුවක් ද පත් කර තිබුණි.