ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද දහවල් මල්වතු සහ අස්ගිරි මහා නා හිමිපැණන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.
පළමුව මල්වතු මහා විහාරය වෙත ගිය ජනාධිපතිවරයා, මල්වතු මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නායක හිමිපාණන් වහන්සේ බැහැදැක සුවදුක් විමසා කෙටි සංවාදයක නිරත විය.
එමෙන්ම ඔහු අස්ගිරි මහා විහාරය වෙත ගොස්, අස්ගිරි මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නායක හිමිපාණන් වහන්සේ බැහැදැක සුවදුක් විමසා කෙටි පිළිසඳරක ද නිරත විය.
