188 views 0 secs 0 comments

අද කාලගුණය

In Local News
November 26, 2021

අද දිවයින පුරා අහස වලාකුළින් බර ව පවතිනයි. දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව පවතිනවා.
උතුරු, උතුරු-මැද, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් පුත්තලම, මඩකළපුව සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකියි.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.