28 views 2 secs 0 comments

කොළඹ සිට කටුනායක දක්වා අභ්‍යන්තර ගුවන් ගමන් ආරම්භ වේ..

In Local News
October 03, 2025

මෙරට සංචාරක කර්මාන්තය දියුණු කිරීමේ නව අදියරක් ලෙස කොළඹ හා කටුනායක අතර අභ්‍යන්තර ගුවන් ගමන් අද (03) පෙරවරුවේ ආරම්භ විය.

කොළඹ බේරේ වැව දක්වා සිනමන් ගුවන් සමාගමට අයත් Cessna 208 වර්ගයේ SEAPLANE යානයක් කටුනායක ගුවන්තොටුපොළේ සිට පියාසර කිරීමෙන් මෙම ගමනේ මුල් ගමන් සිදු කරන ලදී.

එම ගමනට වරාය හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු සහ සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ ඇතුළු පිරිසක් සහභාගී වූහ.

යානයෙන් පැමිණි දිනුවාන්වරුන් පිළිගැනීමට ප්‍රවාහන, මහාමාර්ග හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක, ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා සහ සිනමන් හෝටල් සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර Cinnamon Lakeside ජැටිය වෙත පැමිණ සිටියේය.

අනතුරුව අමාත්‍ය බිමල් රත්නායක මහතා ගුවන් යානයේ ප්‍රධාන ගුවන් නියමුවා කපිතාන් ඉන්දික ප්‍රේමදාස සහ සහකරු නියමුවරයා ඉසුරු මුණසිංහ සමග කෙටි කතාබහක නිරත විය.