659 views 0 secs 0 comments

73 වන ජාතික නිදහස් දිනයට රටවල් රැසකින් සුභ පැතුම්…

In Local News
February 04, 2021

73 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් අමෙරිකාව, බ්‍රිතාන්‍ය, චීනය, ඉන්දියාව, රුසියාව, ඔස්ට්‍රේලියාව, ජර්මනිය, මාලදිවයින, මලයාසියාව, නෝර්වේ ඇතුළු රටවල නායකයින් සහ තානාපතිවරුන් විසින් ට්විටර් පණිවුඩ හරහා ශ්‍රී ලංකාවට සුබ පැතුම් එක් කර තිබුණි.

මෙසේ සුබ පැතුම් පණිවුඩ නිකුත් කල අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇත්තනී බ්ලින්කන් මහතා ප්‍රකාශ කළේ ඉන්දු ශාන්තිකර කලාපීය ආරක්ෂාව සහ සමෘද්ධිමත් බව ප්‍රවර්ධනය සඳහා හවුල්කරුවෙකු සහ මිතුරෙකු වශයෙන් ශ්‍රී ලංකාව සමග එක්ව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවය.