රුසියානු සෝයූස් එම් එස් 17 අභ්‍යවකාශ යානාවකින් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රාජකාරිවල නිරතව සිටි කාර්ය මණ්ඩලයේ තිදෙනා නැවතත් පෘථිවිය වෙත පැමිණ ඇති බව රුසියානු කොස්මෝස් අභ්‍යවකාශ ඒජන්සිය නිවේදනය නිකුත් කරමින් ප්‍රකාෂ කර සිටියා.
2020 වසරේ ඔක්තෝබර් මාසයේ පටන් ඔවුන් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රැඳී සිට තිබුණි.
මෙම මෙහෙයුම, නාසා ආයතනය රුසියානු සහයෙන් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත සිදුකරන අවසන් මෙහෙයුම ලෙස සැලකේ
2011 වසරේදී අමෙරිකාව විසින් සිය අභ්‍යවකාශ මෙහෙයුම අත්හැරීමෙන් පසුව නිරන්තර අභ්‍යවකාශ මෙහෙයුම් සඳහා රුසියානු සෝයුස් යානාවල සහාය පැතීමට ඔවුන්ට සිදුවුණි.
නුදුරේදීම සිය කෙටිදුර යානා මෙහෙයුම් යළි ආරම්භකිරීමට අමෙරිකාව දැන් සූදානමින් පසුවේ.