222 views 0 secs 0 comments

ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන්ට සුභ පණිවිඩයක්…

In Sports
July 05, 2021

එංගලන්තය සමග පැවැති තෙවැනි හා අවසන් එක්දින තරගය වර්ෂාව හේතුවෙන් අතරමගදී අතහැර දැමීමට සිදුවීමත් සමග ප්‍රසාද ලකුණු 5ක් හිමි වීම හේතුවෙන් කණ්ඩායම් 13ක් තරග කරන ඓCC ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගයේ නවතම ප්‍රසාද ලකුණු සටහනේ ස්ථාන දෙකක් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාව සමත් වුණා.

ශ්‍රී ලංකාව තරග 9කට ක්‍රීඩා කර එක් ජයග්‍රහනයක් පමණක් ලබා ඇති අතර, පරාජය වූ තරග ගණන 7කි.

ශ්‍රී ලංකාවට මේ වන විට හිමිව ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 13ක්.

ප්‍රසාද ලකුණු සටහන –

එංගලන්තය : තරග 12 – ප්‍රසාද ලකුණු 65
බංග්ලදේශය : තරග 9 – ප්‍රසාද ලකුණු 50
පාකිස්තානය : තරග 6 – ප්‍රසාද ලකුණු 40
ඔස්ට්‍රේලියාව : තරග 6 – ප්‍රසාද ලකුණු 40
නවසීලන්තය : තරග 3 – ප්‍රසාද ලකුණු 30
ඇෆ්ඝනිස්තානය : තරග 3 – ප්‍රසාද ලකුණු 30
බටහිර ඉන්දීය කොදෙව් : තරග 6 – ප්‍රසාද ලකුණු 30
ඉන්දියාව : තරග 6 – ප්‍රසාද ලකුණු 29 (එක් දඩුවම් ලකුණක්)
නෙදර්ලන්තය : තරග 3 – ප්‍රසාද ලකුණු 20
අයර්ලන්තය : තරග 9 – ප්‍රසාද ලකුණු 20
ශ්‍රී ලංකාව : තරග 9 – ප්‍රසාද ලකුණු 13 (දඩුවම් ලකුණු 2ක්)
සිම්බාබ්වේ : තරග 3 – ප්‍රසාද ලකුණු 10
දකුණු අප්‍රිකාව : තරග 3 – ප්‍රසාද ලකුණු 9 (එක් දඩුවම් ලකුණක්)