259 views 0 secs 0 comments

මාරු වුනු ඇමති පුටු…

In Politics
August 16, 2021

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ යෝජනාවකට අනුව කැබිනට් අමාත්‍යවරුන් කිහිප දෙනෙකුගේ විශය පතයන් සංශෝධනය කොට තිබේ. ඒ අනුව නව අමාත්‍යවරුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද (16) දිවුරුම් දුන්නේය.

ඒ අනුව
අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙසත්,
විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අධ්‍යාපන අමාත්‍යවරයා ලෙසත්,
සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි ප්‍රවාහන ඇමතිනිය ලෙසත්,
ජනමාධ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙසත්,
විදුලිබල ඇමති ඩලස් අලහප්පෙරුම මහතා ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙසත්,
ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ විදුලිබල අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය.
එමෙන්ම නාමල් රාජපක්ෂ මහතා ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශයට අමතරව සංවර්ධන සම්බන්ධීකරණ අධීක්ෂණ අමාත්‍ය ලෙස දිවුරුම් දුන්නේය.